'ප්‍රශ්න ඇත්නම් මාධ්‍යට නොව ජනපතිට කියන්න' - රෙජිනෝල්ඩ් රාජිතට කියයි

'ප්‍රශ්න ඇත්නම් මාධ්‍යට නොව ජනපතිට කියන්න' - රෙජිනෝල්ඩ් රාජිතට කියයි

තමාගේ දැනුමට අනුව 'ආවා' කල්ලියේ ක්‍රියාවන් පිටුපස මෙරට හමුදාවේ කිසිම සම්බන්ධයක් නොමැති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජීනෝල්ඩ් කුරේ මහතා පවසයි.

උතුරේ සිදුවන විවිධ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (04) මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය. 

එමෙන්ම ඒ පිළිබඳව රාජිත සේනාරත්න මහතාට ප්‍රශ්නයක් තිබේනම් ඒ පිළිබඳව විවිධ ප්‍රකාශයන් මාධ්‍යට ඉදිරිපත් කිරීම නොව හමුදාව, පොලීසිය, අගමැති, ජනාධිපති යනාදී වගකිව යුතු පිරිස් දැනුවත් කර ඒ පිළිබඳව පරීක්ෂණ කළ යුතුව තිබූ බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ බොහෝ දේශපාලන නායකයන් ජනතාව කොටවමින් ඉතාම ඉක්මනින් බලයට ඒමට උත්සහා කරන බවත්, අවසානයේදී එම ප්‍රශ්න වලින් දුක්විඳින්නේ අහිංසක ජනතාව පමණක් බවත්ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment