අන්තිම උත්සවේ සසර දනව්ව නිවේදකයා අමරදේව ස්ටේජ් නග්ගන්න හැදුවාම බිරිය විමලාට කේන්ති ගිහින්

අභාවප්‍රාප්ත වූ ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව  මිය යන්නට දින කිහිපයකට පෙර සහභාගී වූ  අවසන් උත්සවය වූයේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි උපහාර සසර දනව්ව ප්‍රසංගයයි. එහිදී ඇතිවූ සිද්ධියක් ගැන මනෝරම වීරසිංහ මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කොට ඇති මෙම වීඩියෝවත් සමග කෙටි සටහන පහතින්

------------------------

“මේ උත්සවයෙදි අමරදේවයන්ට කිසිදු ගායනාවක් වෙන්කරල තිබුණේ නැහැ.. හැමදේම බදාගන්න... ප්‍රසිද්ධියට බොහොම කෑදර නිවේදක මහත්තයෙක් කියනව අමරදේවයන්ට ‘ස්ටේජ්‘ නගින්න කියල...!
එහිදි එතුමාගේ නිති ආරක්ෂකයා වෙච්චි විමලා අමරදේව මැතිනියට මළ පනිනවා.. ‘‘*** කවුද එහෙම එකපාරට එන්න කියන්න..කියන්න එන්නෑ කියල..‘‘ යනුවෙන් ගෝරනාඩු කරනවා.. ඇත්ත.එතුමන් ජාතික වස්තුවක් විදියට අපි ලගට යනව මිස එයාව ස්ටේජ් නග්ගන්න අදාළ නිවේදකයා කවුද???



පසුව මේකට මහාචාර්ය සුනිල් ආරියත්න සහ මහාචාර්ය බෙල්ලන්විල නාහිමි මැදිහත් වෙලා ගීතයක කොටසක් හරි ගායනා කරන්න එකගකරව ගන්නවා ඔහු ලගට ඇවිත්ම... ගීතයේ පේළි දෙකක් කියපු ගමං අමරදේව මැතිනිය, අමරදේවයන්ගෙ පිටුපසට පහරක් ගසනවා ‘දැන් ඇති‘ කියන එකට..
ඇත්තටම ඇය හරි..

ඉතින් මේ දුර්ලභ දර්ශනය ප්‍රසිද්ධ මාධ්‍යයක හෝ විද්‍යුත් මාධ්‍යයක පළවෙන පළමු වතාව. මෙය උපුටාගැනීමේදී කර්තෘ අයිතිය සුරකින්න..
විශේෂ ස්තූතිය කැලණිය විශ්ව විද්‍යාලයේ හින්දි භාෂා අධ්‍යනාංශ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, සංගීත විශාරද, ‘සසර දනව්ව‘ සංවිධායකඋපුල් රංජිත් හේවාවිතානගමගේ මහතාට“
http://ift.tt/2dU8fh0
Pix By -Suren Abeysundara
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment