සුරූපිනියක සමඟ ලැඟුම්හලකට ගිය පෑලියගොඩ පොලිස්‌ නිලධාරියා

පෑලියගොඩ පොලිස්‌ කොට්‌ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ පොලිස්‌ පරීක්‍ෂකවරයකු ජාඇල පිහිටි ළැඟුම් හලකට සුරූපී කාන්තාවක්‌ රැගෙන ආ අවස්‌ථාවේ ළැඟුම්හලේ සේවකයන් සමඟ ඇතිවූ ආරවුලක්‌ මත ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස්‌ පරීක්‍ෂකවරයා ජාඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ළැඟුම් හලේ කාමරයකට මෙම සුරූපි කාන්තාව රැගෙන ආ පොලිස්‌ පරික්‍ෂකවරයාගෙන් ළැඟුම් හලේ කළමනාකරු ජාතික හැඳුනුම්පත ඉල්ලු අවස්‌තථාවේ දෙපාර්ශ්වය අතර එම බහින් බස්‌වීම ඇතිවී ඇත.

එහිදී කෝප වූ පොලිස්‌ පරීක්‍ෂකවරයා ළැඟුම් හලේ කීප දෙනකුට පහරදී කුඩා ගිනි අවියක්‌ පෙන්වා ඔවුන්ද බිය ගැන්වූ බව පොලිස්‌ පැමිණිල්ලේ සඳහන්වේ. අත්අඩංගුවට ගත් පොලිස්‌ පරීක්‍ෂකවරයා ජාඇල පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.

රුක්‌මන් පින්තු
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment