ඊ සිගරට්වලට තහනමක්?

ඊ සිගරට්වලට තහනමක්?

මෙරටට ඊ-සිගරට් (ඉලෙක්ට්‍රික්) ගෙන ඒම සඳහා එක්තරා පෞද්ගලික සමාගමක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රතික්‍ෂේප කර තිබේ.

සිගරට් භාවිතය අවම කරවීම සඳහා එහි මිල ඉහළ දැමීමට රජය විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරන අතර සිගරට් වලට ඇබ්බැහි වූවන් විකල්ප දුම්පානයන් සඳහා යොමුවෙමින් පැවැතීම මෙම ඊ-සිගරට් මෙරටට ගෙන ඒමට කටයුතු කිරීම එක් පියවරක් විය හැකි යැයි අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම සිගරට් සඳහා යොදා ඇති රසකාරක සිරුරට සහ පෙණහලුවලට අහිතකර බැවින් මෙම තීරණය ගෙන නොමැත.

මෙම සිගරට් මෙරටට ගෙන ඒම වළක්වාලීම සඳහා රේගුව හා එක්ව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බවද වාර්තා වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment