මුල්ලේරියාවේදී අතුරුදන්වූ ඩිමෙන්ෂියා රෝග තත්වයෙන් සිටි පියෙකු සොයයි

ඩිමෙන්ෂියා රෝග තත්වයෙන් සිටි විමලසිරි පෙරේරා නමැති පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බැවින් සොයාදෙන ලෙස ඔහුගේ දරුවන් ඉල්ලා සිටී.
අංගොඩ කැළණිමුල්ල නාගහවෙල පාරේ 389/1 ලිපිනයේ පදංචිව සිටි ඔහු


අවසන්වරට කොටිකාවත්ත හන්දියේදී පසුගිය 19 වනදා දක්නට ලැබුණ බවට වාර්තා තිබේ.

ඔහුගේ අතුරුදන්වීම ගැන මුල්ලේරියාව පොලිසිය දැනුවතක් කර ඇති මුත් තවම තොරතුරු නැත.
උන් හිටි තැන් හඳුනාගන්නට අපහසු මානසික තත්වයක් පවතින නිසා ඔහුට මුණගැසෙන අයට නිවසක් පිහිටි තැනක් කියා ගන්නට අපහසු බවත් මේ වනවිට ආහාර හෝ බෙහෙත් නැතිව ඔහු දුර්වල තත්වයක සිටිය හැකි බැවින් තොරතුරක් දන්නා කෙනෙකු උපකාර කරන ලෙසත් ඔහුගේ පුත් බුද්ධික ජනිත් පෙරේරා ඉල්ලා සිටී. තොරතුරක් වේ නම් 119 පොලිස් අංකයට හෝ පහත දුරකථන අංක වෙත දන්වන්න.
077-227-5156 හෝ 0716473953
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment