යහපාලන අනුහසින් විභාග ෆේල් උනත් ගුවන් සේවා අධිකාරියට…

සිවිල් ගුවන් අධිකාරියේ තොරතුරු තාක්ෂණික අංශයට නව කලමණාකාරවරුන් බඳවා ගැනීම පසුගියදා සිදුකළ අතර ඒ සඳහා අයදුම් කළ පිරිස අතරින් විභාගය අසමත්වී 04වන ස්ථානය ලබාගත්තද ඇමති අනුහසින් කළුතර ප්‍රදේශයේ ප්‍රියන්ත ප්‍රනාන්දු නැමැත්තා අධිකාරියට නව පත්වීම් ලබා ඇත. ආයතනය තුළ දක්ෂ නිලධාරීන් සිටියදී යහපාලන ඇමතිවරයා විසින් මෙම පත්වීම සිදුකර ඇත.

තමාගේ පුද්ගලික ආයතනයක් බවට ගුවන්සේවා අධිකාරිය පත්කර ගෙන ඇති නිමල්සිරි නම් ඒකාධිපති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රධාන විධායක නිලධාරී තනතුරද බලහත්කාරයෙන් තමා ලඟ තබා ගනිමින් මෙම පත්වීම් සිදුකරන්නේ ඇමතිවරයාගේ හිතදිනා ගැනීමට බවද වාර්තා වේ.

යහපාලන රජය පත්වූයේ මෙවැනි අනවශ්‍ය දේශපාලන අතපෙවීම් අත්හිටුවීමට වුවද දැන් සිදුවන්නේ ඊට පරස්පර විරෝධී ක්‍රියාවක් බවද අධිකාරියේ සේවකයින් පවසයි.

ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු ඉහළම තනතුරු හොබවන්නන්ගේ වැටුප් ලක්ෂ ගණනින් වැඩිකර ගෙන ඇති බව වාර්තා වේ. පසුගිය රජය කාලයේ සිට මෙලෙස තම වැටුප් වැඩිකර ගැනීමට උත්සාහ දරුවද සැලකිය යුතු කාර්යක් නොකරන බව පවසමින් එම ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කොට ඇත. කෙසේවෙතත් වත්මන් ඇමති නිමල්සිරිපාල නොමග යවමින් ප්‍රධානීන් කිහිප දෙනකු මෙසේ සිය වැටුප් වැඩි කර ගෙන ඇති බව අප පසුගියදා අනාවරණය කළා.

යහපාලනයේ පිහිටෙන් ගුවන් සේවා අධිකාරී ලොක්කන්ගේ පඩිය ලක්ෂයකින් ඉහලට!



උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment