විදේශ ගතවන ශ්‍රමිකයන්ගේ ලේඛන සහතික කරන විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය දැනට සිටින අයෝජන මණ්ඩල ගොඩනැල්ලෙන් වහා ඉවත්කර ගන්නා ලෙස ගොඩනැල්ලේ භාරකරුවන් දැනුම් දී ඇත.
මෙම කාර්යට පසුගීය අප්‍රේල් සිට සෙලින්කෝ ගොඩනැල්ලේ දෙවන මහල මසකට ලක්ෂ 35 බැගින් ගෙවා කුලියට ගත්තද මාස හතක් ගත වුවද ඊට මරුවීමට අපොහොසත් වීම නිසා ගොඩනැලි දෙකටම ලක්ෂ 42 බැගින් කුලී ගෙවමින් සිටී.
පසුගිය මාස 7 ක් ගොඩනැගිලි දෙකකට මුදල් ලක්ෂ 294 වඩා ගෙවීමට සිදු වී තිබේ. දිනකට දහසක් පමණ ජනතාව මෙම අංශයෙන් ලේඛන සහතික කර ගැනීමට පැමිනෙයි .
මෙම දැනුම් දීමත් සමග ජනතාවට ලැබෙන සේවාවන්ට අයහපත් බලපෑමක් වනු ඇති බව පෙනී යයි.
– සංජය පෙරේරා
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment