කඳුරට ජනතා පෙරමුණ මහින්දට සහය දෙයි (PHOTOS) 

කඳුරට ජනතා පෙරමුණ මහින්දට සහය දෙයි (PHOTOS) 

ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන සන්ධානයට සහාය දීමට තම පක්ෂය තීරණය කළ බව කඳුරට ජනතා පෙරමුණ පවසයි. 

ඒ අනුව එම පක්ෂයේ නායක සෙන්ඩින් රාජ් මහතා ඇතුළු සාමාජිකයන් පිරිසක් ඊයේ (01) බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි සම්බන්ධීකරණ කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවී මේබව ප්‍රකාශ කළහ. 

නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන මෙම පක්ෂය පසුගිය වසරේ ජනවාරි 08 වැනිදාට පෙර පෙරළියට පෙර යහපාලනයට සහාය දුන් බවද මෙහිදී ප්‍රකාශ විය.

බන්දුල ගුණවර්ධන, සී.බී රත්නායක, ජී.එල්. පීරිස් යන හිටපු ඇමතිවරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ජනතා නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment