අලුත් පක්ෂයේ නායකත්වයට මහින්දගේ නම යෝජනා වෙයි (VIDEO)

අලුත් පක්ෂයේ නායකත්වයට මහින්දගේ නම යෝජනා වෙයි (VIDEO)

මීළඟට පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී නව බලවේගය බලය ලබා ගන්නා බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූයේ ඊයේ (27) පැවති ගම්පහ - මිනුවන්ගොඩ ආසනයේ ඒකාබද්ධ විපක්ෂයේ බලමණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

ඉදිරියේදී තීන්දු තීරණ ගැනීමට සිදුවනු ඇති බවත් තමාටද නව පක්ෂයෙන් ආරාධනාවක් ලැබී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එම රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දිය යුතු බවට යෝජනාවක් ද ඒකමතිකව සම්මත වී ඇත.

අදාළ යෝජනාව මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment