'මැරනෙතුරු විරුද්ධව වැඩ කරනවා' - මහපොළ උපදේශක හඬමින් කියයි (VIDEO)

'මැරනෙතුරු විරුද්ධව වැඩ කරනවා' - මහපොළ උපදේශක හඬමින් කියයි (VIDEO)

තමාගේ කීර්ති නාමය හානි කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කර ඇති චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් මෙම අසත්‍ය චෝදනා එල්ල කළ අයට එරෙහිව මැරෙනතුරු කටයුතු කරන බවත් මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ උපදේශක ආචාර්ය වික්‍රම වීරසූරිය මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ වික්‍රම වීරසූරිය මහතා, "මමයි සංවර්ධන ලොතරැයිය ඇතිකළේ. මම මේක බොහොම ආඩම්බරයෙන් කියන්නේ. සංවර්ධන ලොතරැයියෙන් තමයි අද අවුරුද්දකට මහපොලට මිලියන 800ක් ලැබෙන්නේ. ඉතිං ඒවා ඔක්කේම කරපු මම කැටේට අත ගහලා සල්ලි ගන්නවද? ටිකක් නෙමෙයි මිලියන 1000ක් ගන්නවලු. මේ තුට්ටු දෙකේ බංකොලොත් මන්ත්‍රීවරු මම මෙහාට එන්න ඉස්සෙල්ලා අල්ලස් කොමිසමේ සභාපතිතුමාට ලිපියක් දුන්නා කරුණාකරලා මේක විභාග කරන්න කියලා. මගේ තියෙන එකමදේ කීර්ති නාමය. මං කනත්තට යන්න ඉස්සෙල්ලා ඒ කීර්ති නාමය ආරක්ෂා කරගන්නවා. මං හරිම දුකින් කියන්නේ. මෙහෙම කැත වැඩක් මට කවදාවත් කරලා නෑ. මේ බලූ ජොයින්ට් ඔපොෂිශන් එක කියල එකක් ඇවිල්ල නිදාගෙන හිටපු බල්ලා දැන් අවුස්සල. මං මැරනෙතුරු මේ අයට විරුද්දව කටයුතු කරනවා" යැයි හැඬුම් මැද කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ තමා වැරදිකරු නම් උසාවියට ගෙන යන ලෙස ඉල්ලා සිටින බවත් එය අසත්‍ය නම් තමාට විරුද්ධව චෝදනා කළ අය වසර 10කටවත් බන්ධනාගාරයට යැවිය යුතු බවත්ය.

වීඩියෝව පහතින්.

 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment