සීමා නීර්ණ විමර්ශන කමිටු වාර්තාව නත්තලට පෙර (VIDEO)

සීමා නීර්ණ විමර්ශන කමිටු වාර්තාව නත්තලට පෙර (VIDEO)

මැතිවරණයට අදාළ සීමා නීර්ණ විමර්ශන කමිටුවේ වාර්තාව දෙසැම්බර් මස 21 වැනිදාට පෙර භාරදෙන බව එහි සභාපති අශෝක පීරිස් මහතා පවසයි.

ඒ, ඊයේ (24) ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග පැවැති සාකච්ඡාවකදීය.

ඊයේ පස්වරුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට පැමිණියේ සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා හමුවී සාකච්ඡා කිරීම සදහාය.

කෙසේ වෙතත්, එහිදී මන්ත්‍රීවරුන් පිළිගනු ලැබුවේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසිනි.

මෙම අවස්ථාවට එක්ව සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියාසිටියේ සභාපතිවරයාගෙන් තම පිරිසට සතුටුදායී පිළිතුරක් ලැබුණු බවයි.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment