ලලිත් කූගන් අතුරුදහන් වී වසර 5යි - බලධාරීන් නිහඩයි, යාපනයේ විරෝධතාවයක්

ලලිත් කූගන් අතුරුදහන් වී වසර 5යි - බලධාරීන් නිහඩයි, යාපනයේ විරෝධතාවයක්

වසර 5කට පෙර යාපනයේදී අතුරුදහන් වූ ලලිත් කුමාර් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවටත් යුද සමයේදී අතුරුදහන් වූවන් සම්බන්ධයෙන්ද මෙතෙක් කිසිදු තොරතුරක් නොමැතිව බලධාරීන් නිහඩව සිටින බව පවසමින් ඊයේ(10) යාපනයේදී විරෝධතාවයක් පැවත්විණි.

යාපනය බස්නැවතුම්පොල ඉදිරිපිටදී පැවති මෙම විරෝධතාවය අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමෙ කමිටුව මගින් සංවිධානය කර තිබුනු අතර ජාත්‍යන්තර මානව හිමිකම් දිනයටද සමගාමීව තවත් අයෙකුගේ මානව හිමිකම් රැකගැනීම සඳහා නැගී සිටින්නෙමු යන තේමාව යටතේ විරෝධතාවය පැවත්විණි.

මේ පිළිබඳව අදහස් දැක්වූ අතුරුදන්වූවන් පිළිබදව සොයාබැලීමේ කමිටුවේ කැදවුම්කරු සුන්දරම් මහේන්ද්‍රන් කියා සිටියේ,

''අතුරුදහන් වූවන් ගැන තොරතුරු සෙවීමට පත් කළ මැක්ස්වල් පරණගම කොමිසමට සිදු වුණෙත් බලතල නොමැති කමයිපුද්ගලයින් අතුරුදහන් කළ අය පිළිබදව සාක්කි ලැබුණත් කොමිසමට ඔවුන්ව නීතිය හමුවට ගෙන යාමට බලයක් ලැබී තිබුණේ නැහැවත්මන් රජය පිහිටවූ කාර්යාලයේ ඉරණමත් එයමයිසම්මත කරගෙන ඇති පනතට අනුව කාර්යාලයටද බලතල නැහැමේ නිසා අපි ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ පනත සංශෝධනය කොට වරදකරුවන්ව නීතිය හමුවට ගෙන යා හැකි අන්දමේ බලතල එම කාර්යාලයට ලබා දෙන ලෙසයි.''

මැක්ස්වල් පරණගම කොමිසමට යුදසමයේදී අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් පැමිණිලි විසිදෙදහසත් වීසිහතර දහසත් අතර ප්‍රමාණයක් ලැබී තිබෙනවා. යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගෙන් පහළොස් දෙනෙකු මේ වන විට රහස් කදවුරුවල සිට නිදහස ලබා පැමිණ ඇති බවත් මීට මාස කීපයකට ඉහතදී මවක් හා දියණියන් දෙදෙනෙකු මේ අන්දමට නිදහස් කොට ඇති බවත් සුන්දරම් මහේන්ද්‍රන් කියා සිටියේය.

නමුත් මේ නිදහස ලැබූ පිරිසගෙන් ප්‍රශ්න කොට ඔවුන්ව රදවාගෙන සිටියේ කවුරුන්ද යන්න හෙළිකරගැනීමට කිසිවෙකුත් පරීක්ෂණ නොපැවැත්වීම දැඩි අසාධාරණයක් බවද ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment