හීන් හිරිකඩ අවසර නැතුවම ගත සිඹින
යාංතමටවත් තුරල් කළපසු
තුරුල් වී පෙම්වතුන් යනෙන
හිමැති සිහිලක උණුහුම් හැඟුම් කෝටියක් හිත පුරවන
වාන් දම දම දුකම මුමුණන යුවතියක්ද මේ වැස්ස
ආං නැවතත් ඇසෙනවා ඒ සිරි සිරිය
වැළපුමක් ය සෝබර හිත අලසකම් කරන
ඔෆීස් යන්නම නොහිතෙන
බ්ලැන්කටුවක හිසත් දෑසත් වැහෙන
මෙපමණට ඉමිහිරිද මේ සිරි සිරිය
අහස ඉරාගෙන බිඳෙන් බිඳ වැටෙන
0 comments :
Post a Comment