ඉදිරියේදී ලංකාව ආර්ථික අගාධයකට? - චම්පිකගෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරියේදී ලංකාව ආර්ථික අගාධයකට? - චම්පිකගෙන් අනතුරු ඇඟවීමක්

ආර්ථිකමය වශයෙන් ප‍්‍රවේසම් විය යුතු කාලයක් අනාගතයේ එළැඹෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් පිටකොටුව අඩි 100 පාර වෙළඳ සංකීර්ණයට විදුලිය ලබා දීමේ උත්සවයට එක් වෙමිනි.

පහුගිය මාස දෙකේම මෙරට තැන්පත් කර තිබූ විදේශ ධනය විශාල වශයෙන් අමෙරිකාවට ඇදී ගිය බවත් එනිසා විශාල ප‍්‍රශ්නයකට රුපියල අවප‍්‍රමාණය වීමට රුපියල පහලට වැටීමට බලපෑ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘ආර්ථිකමය වශයෙන් ගත්තොත් ප‍්‍රවේසම් විය යුතු කාලයක් අනාගතයේ එළඹෙනවා. ඊයේ ඇමරිකාව ඒ ගොල්ලන්ගේ පොලී අනුපාතය වැඩි කළා. පහුගිය මාස දෙකේම අපේ රටේ තැන්පත් කරලා තිබිච්ච විදේශ ධනය විශාල වශයෙන් ඇමරිකාවට ඇදිලා ගියා. මේ විදිහේම ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාරයේ ගණන් හිලව් වැඩි කිරීම නිසා ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 2400 ක් ලංකාවෙන් එළියට ඇදිලා ගියා. එනිසා විශාල ප‍්‍රශ්නයකට රුපියල අවප‍්‍රමාණය වෙන්න, රුපියල පහලට වැටෙන්න ඒක බලපෑවා. ඒ වගේම තෙල් මිල, බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක වැනි අඩු අගයක ඉඳලා ඩොලර් 57 ට නැගලා තියෙනවා තෙල් කප්පාදු කරන්න ඔපෙක් සංවිධානය තීරණය කිරීම නිසා. ඉතින් මේ දෙකම රුපියල අවප‍්‍රමාණය වෙන්න සෑහෙන්න තීරකව බලපානවා. අපිට දුෂ්කර ආර්ථික කාලයක් ඉදිරියේදී එනවා. ඉතින් ඒ අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයටත්, අනෙක් අමාත්‍යාංවලටත් වගකීමෙන් ක‍්‍රියා කරන්න වෙනවා.’

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment