ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාමනිලධාරීන් පළාත් සභා යටතට?

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාමනිලධාරීන් පළාත් සභා යටතට?

ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාම සේවා නිලධාරීන් පළාත් සභාවල මෙහෙයවීම සහ පාලනය යටතට ගෙන ආයුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව නිර්දේශ කර තිබේ.

දැනට පළාත් සභාවල වැදගත් කාර්යයන් රැසක් සිදුකරනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් වන බැවින් ප්‍රාදේශීය ලේකම්වරුන් පළාත් සභා සමඟ ඔවුන්ගේ කාර්යයන් ඉටු කිරීම ගැටලුවක් නොවනු ඇතැයි අනුකාරක සභාව පෙන්වා දෙයි.

දිස්ත්‍රික් පරිපාලනයෙහි රාජ්‍ය සේවා ධුරාවලියෙන් පහළම මට්ටමේ සේවය කරන ග්‍රාම සේවා නිලධාරීන් ග්‍රාම සේවා කොට්ඨාසයක ජනතාව සමඟ සෘජුවම කටයුතු කරන බැවින් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මෙහෙයවීම යටතේ සේවය කරන ග්‍රාම සේවා නිලධාරීන්ද පළාත් සභාව යටතට ගෙන ආයුතු යැයි අනුකාරක සභාව නිර්දේශ කර ඇත.

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම සේවා නිලධාරීන් වෙත දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පවරනු ලැබ ඇති කාර්යයන් ඔවුන් දැනට සිදුකරන ආකාරයටම තවදුරටත් සිදුකළ යුතු බවටද අනුකාරක සභාව නිර්දේශ කරයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment