එළවළු මිල වැඩිවන ලකුණු

එළවළු මිල වැඩිවන ලකුණු

මේ දිනවල වෙළඳපොලේ මිල පහළ ගොස් ඇති ඇතැම් එළවලු වර්ගයන්හි මිල ඉදිරි සති දෙක තුනේ සිට ඉහළ යා  හැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති යු.ආර්.දයා නන්දසිරි මහතා පවසයි.

පසුගිය කාලයේ පැවති වියලි කාලගුණික තත්වයත් සමග ජල සම්පාදන ක්‍රම මගින් ගොවීන් වැඩි වශයෙන් එළවලු හා අතිරේක බෝග වගාවන් කෙරෙහි උනන්දුවිම නිසා වෙළදපොලට වැඩි වශයෙන් එළවලු තොග ලැබීම නිසා මිල පහළ ගිය බවත් එම තත්වය මග හැරී මේ වනවිට එළවලු වගා අවසන්වීම නිසා වර්ග කීපයක් හැරුණු කොට බොහෝ එළවලු වර්ගයන් ලැබෙන තොග අඩුවීම හේතුවෙන් මිල ඊයේ සිට ඉහළ යමින් පවතින බවත් හෙතෙම පෙන්වා දෙයි.

ඒ අනුව ගෝවා, වම්බටු, මැකරල්, රාබු, දඹළ, බණ්ඩක්කා, පතෝල යන එළවළු වර්ගයන් හි කිලෝවක තොග මිල ඊයේ දිනයේ රුපියල් 20-40 ක් අතර පරාසයක පවතින බවත් අනෙකුත් උඩරට හා රජරට ප්‍රදේශවල සියලුම එළවලු වර්ගයන් හි කිලෝවක තොග මිල රුපියල් 60-180 ත අතර පවතින බවත් වාර්තාවේ.

පසුගිය දිනවල මිල පහත වැටි තිබු අමු මිරිස්, තක්කාලි, බෝංචි, කැරට්, ලීක්ස්, බිට්, වැටකොළු, නෝකෝල් ආදී එළවලු වර්ගයන්හි මිල ඉහළ ගොස් ඇති බවත් මුරුංගා හා මාළු මිරිස් සදහා රුපියල් 150-200 ත් අතර මිලක් වාර්තා වූ බවද වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment