ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන්ට හදිසි කැදවීමක්

ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන්ට හදිසි කැදවීමක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් හදිසියේ කොළඹට කැඳවා තිබේ.

 

අද දහවල් 12.00ට පදනම් ආයතනයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට  නියමිතව ඇත.

 

ඉදිරියේදී පැවැත්වීමට යෝජිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වී ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේ විශේෂ රැස්වීමක් ඊයේ පස්වරුවේ පැවැත්වුණි.

ජනාධිපති නිල නිවසේ පැවති මෙම සාකච්ඡාව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින් සහභාගී වී තිබේ.

 

එහිදී පළාත් පාලන මැතිවරණය ලබන වසරේ පළමු කාර්තුව තුළ පැවැත්වීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment