දුම්රිය සේවකයින් වර්ජනයකට සැරසේ

දුම්රිය සේවකයින් වර්ජනයකට සැරසේ

දුම්රිය සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එලැඹීමට සූදානම් වන බව වාර්තා වේ.

එම වෘත්තීය සමිති සඳහන් කරන්නේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන දෙසැම්බර් මස 01 වනදා පැය 24ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බවයි.

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (28) උදෑසන පැවැත්විමට ද දුම්රිය වෘත්තිය සමිති සැලසුම් කර ඇති අතර සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය සේවා වෘත්තිය සමිති සමූහික සන්ධානයේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ප්‍රධාන කරුණු 04ක් මුල් කරගනිමින් ‍සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

එහිදී අදහස් දැක්වූ ජානක ප්‍රනාන්දු මහතා කියාසිටියේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් පුද්ගලික අංශයට ලබාදීමට මේවන විට යෝජනාවක් පවතින බවත්, එම සැලසුමට එරෙහිවන බවත්ය.

එමෙන්ම දුම්රිය සේවයට අවිධිමත් ලෙස බඳවා ගැනීම් සිදුකරන බවත් මෙතෙක් කාලයක් අනියම් හා කොන්ත්‍රාත් පදනම මත බඳවාගනු ලැබුවේ කම්කරුවන් පමණක් වුවද මේ වන විට වෙනත් කාර්ය මණ්ඩලයන් පවා අමාත්‍යවරයාගේ හිතුමනාපය අනුව බඳවා ගනිමින් සිටින බවත් වෘත්තීය සමිති විසින් ඊටද විරෝධය දක්වන බවත් ඔහු සඳහන් කළේය.

අනෙක් අතට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට ඉහළින් දුම්රිය සංවර්ධන සභාවක් පිහිටුවීමට කටයුතු කරන බවද 2015 සිට රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප අහිමිකරලීමට කටයුතු කරමින් සිටින බවද මෙවර අයවැයෙන්ද එය තහවුරු කර ඇති බවද මෙම කරුණු දෙකටද වෘත්තීය සමිති ලෙස විරෝධය පාන බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment