චන්දිමාල්ගේ ගෝලයා මිලියන දෙකකට විද පැනයයි






චන්දිමාල්ගේ ගෝලයා
මිලියන දෙකකට විද පැනයයි


ප්‍රකට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ යටතේ සේවය කළ පුද්ගලයෙකු ඔහුගෙන් මිලියන දෙකක පමණ මුදල් හා ස්වර්ණාභරණ සොරකම් කර මැදපෙරදිගට පළායාම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
වයස අවුරුදු 30 ක් වන පුබුදු ගමගේ නමැති මෙම පුද්ගලයා චන්දිමාල් විසින් පවත්වා යනු ලබන ‘සැලොන් චන්දිමාල්‘ ආයතනයේ මුදල් ලාච්චුවෙන්
රුපියල් ලක්ෂ 15 ක් සහ චන්දිමාල් ආරක්ෂිතව තැන්පත් කර

තිබුණ ලක්ෂ 5 කට ආසන්න වටිනාකමක ස්වර්ණාභරණ තොගයක්ද රැගෙන පසුගිය සතියේ පළාගොස් ඇති බව වාර්තාවේ.

ඔහුව අල්ලා ගන්නට පොලිසියේ සහාය පතන විටත් ඔහුගේ පදිංචි ස්ථානය වන තලගල කිරිවත්තුඩුව ප්‍රදේශයෙන් පළාගොස් සිටි අතර පසුව පොලිසිය සිදු කළ සොයා බැලීමේදී පසුගිය මස 18 වනදා ඔහුගේ නම සඳහන් වන පාස්පෝට් එකක් භාවිතාකරමින් ඩුබායි බලා යන ගුවන් යානයකින් ලංකාව අතහැර පළාගොස් ඇති බව වාර්තාවී තිබේ.

වත්කම් සොරකම සම්බන්ධයෙන් චන්දිමාල් මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් කළ අතර මේ වනවිට පුබුදු ගමගේ නමැති සැකකරු සොයා ජාත්‍යන්තර පොලිසියේ සහයෙන් පරීක්ෂණ මෙහෙයවනු ලබන බව පොලිසියෙන් වාර්තා වුණා.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment