නියෝජ්‍ය පොලිස්පති සජීවට ලොකු පුටුවක්

නියෝජ්‍ය පොලිස්පති සජීවට ලොකු පුටුවක්

පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිස් බඳවා ගැනීම් සහ පුහුණු අංශයේ ප්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පත් කර තිබේ.

ඊයේ(25) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්වීම සිදුකර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය.

මීට පෙර අදාළ අංශ භාරව කටයුතු කළේ පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රධානියා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතාය.

ඔහු තවදුරටත් පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරීවරයා සහ ශ්‍රී ලංකා පොලීසියේ ජාත්‍යන්තර කටයුතු භාර නිලධාරීයා ලෙස කටයුතු කරනු ඇත. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment