බාල පෙට‍්‍රල් තොගයක් වෙළෙඳපොළට?

බාල පෙට‍්‍රල් තොගයක් වෙළෙඳපොළට?

ඉන්දියානු තෙල් සමාගම (IOC) හරහා ඔක්ටේන් 92 වර්ගයේ ප‍්‍රමිතියෙන් තොර පෙට‍්‍රල් තොගයක් වෙළෙඳපොළට නිකුත් වී ඇතිදැයි වහාම සොයා බලන බව තෙල් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

එය තහවුරුවුවහොත් සමාගමට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රමිතියෙන් තොර පෙට‍්‍රල් තොගයක් වෙළෙඳපොළට නිකුත් වී ඇති බවට සිදුවන ප්‍රකාශ පිළිබඳ මාධ්‍යවේදීන් ඊයේ (20) අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී අමාත්‍යවරයා මේබව පැවසීය.

එවැනි ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන තොගයක් සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට තොරතුරු වාර්තා වී නොමැති බවත් ඛණිජතෙල් නීතිගත සංස්ථාව මගින් පවත්වාගෙන යන සිපෙට්කෝ පිරවුම්හල් තුළ කිසිදු බාල ඉන්ධන නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඉන්දියානු තෙල් සමාගම (IOC) පිළිබඳවද කරුණු සොයා බලන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසී ය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment