හෙට නිවාඩු දිනය ඔබට අහිමිද?

හෙට නිවාඩු දිනය ඔබට අහිමිද?

හෙට (12) දිනය වෙළෙඳ නිවාඩුවක් ලෙසින් නිල වශයෙන් ප්‍රකාශ වී ඇති ද යන කරුණ මේ වන විට සංවාදයට බඳුන් වී තිබේ.

මෙහිදී ඇතැම් පුද්ගලික අංශයේ ආයතන එදින නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශ නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන රජයේ නිල නිවාඩු දින ලැයිස්තුවට අනුව මිලාන්-දුන්-නබි තුමන්ගේ ජන්ම දිනය යෙදෙන 2016 දෙසැම්බර් 12 වන සඳුදින බැංකු, වෙළෙඳ හා රජයේ නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශ කර තිබේ.

මෙය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද්දක් බැවින් එය රජයේ නිල ස්ථාවරය ලෙසින් පිළිගත හැකිවනු ඇත.

මේ අතර දෙසැම්බර් 13 වන අඟහරුවාදා උඳුවප් පුන් පෝය දිනය යෙදී ඇති බැවින් මෙම කාල සීමාව දීර්ඝ සති අන්තයක් ලෙසින් සැලකිය හැකිවේ.

පහත දැක්වෙන්නේ අදාළ නිවාඩු ලේඛනයයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment