අද සිට IOC ඩීසල් මිල ඉහළට

අද සිට IOC ඩීසල් මිල ඉහළට

ලංකා IOC සමාගම ඩීසල් වර්ග 02ක මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

ඒ අනුව එක්ස්ට්‍රා ප්‍රීමියම් යූරෝ ත්‍රී සහ එක්ස්ට්‍රා මයිල් වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 02කින් ඉහළ යනු ඇත.

 මෙම මිල වැඩිවීම අද (01) දින සිට ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

මේ අතර ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය හෙවත් ඔපෙක් සංවිධානය විසින් තෙල් සැපයුම දිනකට තෙල් බැරල් මිලියන 1.2ක් කපා හැරීමට තීරණය කිරීමත් සමග බොරතෙල් මිලෙහි ඉහළ යෑමක් වාර්තා වේ.

ඔපෙක් සංවිධානයට අයත් රටවල් තෙල් බැරල් මිලියන 33.64 ක් දිනකට සපයන අතර, ඔවුන් මෙම නව එකඟත්වයට අනුව දිනකට තෙල් බැරල් මිලියන 1.2ක් කපා හැරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, බොරතෙල් මිලෙහි 8% ක පමණ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව බ්ලූම්බර්ග් දත්ත පෙන්වයි.

දිනෙන් දිනම ලෝකයේ බොරතෙල් මිල පහළ යෑම මේ ආකාරයෙන් තෙල් සැපයුම කපාහැරීමේ තීරණයට හේතුව බව ද සදහන්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment