ස්ට්සර්ලන්තයේ ඩාවොස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවකට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද (16) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.
අග්‍රාමාත්‍යවරයා ඇතුළු 7 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මේ සඳහා එක්ව සිටිති.
හෙට (17) ආරම්භ වන මෙම සමුළුවට රටවල් 140 ක රාජ්‍ය නායකයන් ව්‍යාපාරිකයන් ඇතුළු තුන්දහසකට අධික පිරිසක් සහභාගි වෙති. මෙම සමුළුව අතරතුර අගමැතිවරයා ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක නායකයන් සමඟ ආර්ථික කටයුතු සම්බන්ධ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මෙම සමුළුවට අගමැතිවරයා සමඟ සංවර්ධන උපාය මාර්ගික සහ ආර්ථික කටයුතු පිළිබඳ ඇමැති මලික් සමරවික්‍රම, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ ඇමැති හරීන් ප්‍රනාන්දු යන මහත්වරුද සහභාගි වෙති.
ඔවුන් යළිත් එළැඹෙන 22දා දිවයිනට පැමිණීමට නියමිතය.
0 comments :
Post a Comment