ට්‍රම්ප් විරෝධී කලහකාරීන් 217 ක් අත්අඩංගුවට - ලිමෝසින් රථයකුත් ගිනිතබලා

ඊයේ ඇමරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්

දිවුරුම් දීමේ උත්සවයේ මාර්ග අවුරමින් කලහකාරී ලෙස හැසිරුණ විශාල පිරිසක් නිසා වොෂින්ටන් නුවර නොසන්සුන් තත්වයන් ඇති විය. ඊට අමතරව ඇමරිකාවේ නාගරික මට්ටමින්ද විවිධ විරේධතා ට්‍රම්ප්ට එරෙහිව පැනනැගී තිබුණි. ඔවුන් පවසන්නේ ට්‍රම්ප් ජාතිවාදියෙකුවීම ඉදිරියට ගැටලු ඇති කරනු ඇති බවකි. විරෝධතාවන්ට මුල්වූ වැඩි දෙනා එරට සංක්‍රමණික ජනතාව වූ අතර ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රකාශනයේ දක්වා තිබුන ඇතැම් අදහස් නිසා ඇමරිකාවේ වාසයට අපහසු තත්වයන් නිර්මාණය වනු ඇතැයි බියෙන් මෙම කලබලයන් ඇති කර තිබේ.
මේ අතර වොෂින්ටන් නුවර එක් ස්ථානයක ලිමොසින් රථයක් ගිනි තබමින්ද මෙම විරෝධතා දැඩි ලෙස සිදුවිය. පිරිස විසුරුවීමට කඳුළු ගෑස් ප්‍රහාර  දියත් කරන්නට පොලිසියට සිදුවූ අතර 217ක් පමණ අත්අඩංගුවටද පත්විය. මෙමකලබල නිසා විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද වාර්තාවේ.
ලිමොසින් රථයක් ගිනි තබා සිදු කළ කලබලයේ වීඩියෝව පහතින්






Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment