ඩ්‍රෝන කැමරාවක් සමග වීඩියෝ ශිල්පියෙකු අත්අඩංගුවට

ඩ්‍රෝන කැමරාවක් සමග වීඩියෝ ශිල්පියෙකු අත්අඩංගුවට

අවසරයක් නොමැතිව ඩ්‍රෝන කැමරාවක් භාවිත කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් වීඩියෝ ශිල්පියා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහරින ලෙස අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හර්ෂන රත්නායක මහතා ඊයේ (15) සවස නියෝග කළේය.

ඇපමත මුදාහැරි සැකකාර වීඩියෝ ශිල්පියාට මේ මස 23දා නැවතත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

පොලීසියේ නිසි අවසරයක් නොමැතිව භාවිත කළ ඩ්‍රෝන කැමරාවක් හා එය හැසුරවූ පුද්ගලයා අනුරාධපුරයේදි පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

රුවන්වැලිසෑයේ පැවැති කප්රුක් පූජාවක් ආවරණය කිරීම සඳහා භාවිත කළ පෞද්ගලික රූපවාහිනී සේවයක වීඩියෝ ශිල්පියෙකු සතු ඩ්‍රෝන කැමරාවක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

එම ඩ්‍රෝන කැමරාව රුවන්වැලි සෑයේ ගැටී බිමට වැටී ඇති බවත් ඩ්‍රෝන කැමරාව භාවිත කිරිම සඳහා පොලීසියේ අවසරයක්ද ගෙන නොමැති බවත් පොලීසිය පැවසී ය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment