අර්ජුන තනතුරු දැරීම ජනපති අනුමත කරන්නේ නෑ

අර්ජුන තනතුරු දැරීම ජනපති අනුමත කරන්නේ නෑ

රාජ්‍ය ආයතන කිහිපයක් විසින් පවත්වන ලද පරීක්ෂණවලින් බරපතල චෝදනා එල්ල වී තිබෙන හිටපු මහ බැංකුවේ අධිපතිවරයා තවදුරටත් රජයේ තනතුරු දැරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිසේත්ම අනුමත නොකරන බව ජනපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ එහි උපදේශක කීර්ති තෙන්නකෝන් යන අයගේ අත්සනින් යුතුව ඊයේ (23) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණේ බැදුම්කර සිද්ධියට චෝදනා එල්ලවී සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා යළි මුදල් අමාත්‍යංශයේ  මහ බැංකු උපදේශකවරයෙක් ලෙස කටයුතු කරමින් සිටින බවයි.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යංශයේ රැස්වීම් වලට පවා එහි උපදේශක වරයෙක් ලෙස සම්බන්ධ වී ඇති බව දෙමින් දුෂණ විරෝධධි පෙරමුණ එම ලිපිය මගින් පෙන්වා දී තිබිණි.

බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කිරීම පිණිස විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කිරීම අගය කරන බව දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේද සහභාගිත්වයෙන් මුදල් අමාත්‍යංශයේ පැවැත්වෙන රැස්වීම්වලට මහ බැංකුවේ හිටපු අධිපතිවරයා සිරිතක් වශයෙන් සහභාගිවන බව ද සඳහන් කළ කීර්ති තෙන්නකෝන් මහතා එම රැස්වීමේදී සිරිතක් වශයෙන් අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මූල්‍ය මණ්ඩලය විසින් ගත යුතු තීන්දු සහ තීරණ සම්බන්ධයෙන් ආචාර්ය කුමාරස්වාමි වෙත උපදෙස් ලබා දී ඇති බවද කියා සිටියේය.

ඒ පිළිබඳව තමන්ට ද තොරතුරු ලැබී තිබෙන බවත් රාජ්‍ය නිලධාරියකුට කිසියම් චෝදනාවක් එල්ල වූ අවස්ථාවක ඒ සම්බන්ධ පරීක්ෂණ අවසන්වන තුරු සිය රාජකාරියෙන් තාවකාලිකව ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බවත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා පෙන්වා දෙයි.

ඔහු හිටපු රාජ්‍ය සේවකයෙක් වීම හේතුවෙන් මේ පූර්වාදර්ශය අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයටත් අදාළ වන බවද හෙතෙම සඳහන් කළේය.

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මුදල් අමාත්‍යාංශයේ උපදේශක ලෙස මහා භාණ්ඩාගාරය සමග කටයුතු කිරීම නවතා දමන්නැයි දූෂණ විරෝධී පෙරමුණේ ඉල්ලීම පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා කියා සිටියේ, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ඒ බලය පවතින්නේ මුදල් අමාත්‍යවරයා සහ අගමැතිවරයා සතුව බවය.

 

බීබීසි සංදේශය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment