කෑම කන්නේ බලාගෙනයි: පිළිකා අවදානමක්‌ ගැන හෙළිවෙයි

කෑම කන්නේ බලාගෙනයි: පිළිකා අවදානමක්‌ ගැන හෙළිවෙයි

අධික පිටි සහිත පාන්, අල, චිප්ස්‌ හා එළවළු වර්ග අධික උෂ්ණත්වයක්‌ යටතේ දුඹුරු පැහැ ගැන්වෙන තෙක්‌ කර කිරීම (ටෝස්‌ට්‌) මඟින් පිළිකා කාරක රසායන ද්‍රව්‍යයක්‌ වන "ඇක්‍රිලමයිඩ්" නිපදවීම නිසා ඒවා ආහාරයට ගැනීම සෞඛ්‍යයට හානි කර බව එක්‌සත් රාජධානියේ ආහාර විද්‍යාඥයන් විසින් සිදු කරන ලද පර්යේෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම තත්ත්වය මත එම පිටි අධිකව අඩංගු ආහාර වර්ග හැකිතාක්‌ දුඹුරු පැහැ ගැන්වෙන තෙක්‌ කර නොකර රන්වන් පැහැයට හුරු කහ වර්ණ ගැන්වෙන තෙක්‌ අඩු උෂ්ණත්වයක කර කිරීමෙන් පිළිකා කාරක රසායන ද්‍රව්‍යය නිපදවීම වළක්‌වා ගත හැකි බව එම විද්‍යාඥයෝ පෙන්වා දෙති.

අමු අර්තාපල් අල ශීතකරණයක තැන්පත් කිරීමෙන්ද මෙම "ඇක්‍රිලමයිඩ්" නමැති පිළිකා කාරක රසායන ද්‍රව්‍ය නිපදවීම සිදු වන බව පර්යේෂණවලදී සනාථ වී ඇතැයි ඔවුහු කියා සිටිති. 

මේ නිසා අමු අර්තාපල් සිසිල් ස්‌ථානයක සෙල්සියස්‌ අංශක 6 ට අඩු උෂ්ණත්වයක්‌ යටතේ තැන්පත් කර තබා ගත යුතු බව පර්යේෂණ වාර්තා දක්‌වති.

ටෝස්‌ට්‌ කිරීමේදී මෙන්ම සෙල්සියස්‌ අංශක 120 ට වැඩි උෂ්ණත්වයක්‌ යටතේ බේක්‌ කිරීමේදී හා ග්‍රිල් කිරීමේදී "ඇක්‍රිලමයිඩ්" නමැති පිළිකා කාරක රසායන ද්‍රව්‍ය නිපදවෙන බව අනාවරණය වී තිබේ.

අනුභව කරනු ලබන ආහාර ප්‍රමාණය අනුව රසායන ද්‍රව්‍යයෙන් සිදු විය හැකි හානිය තීරණය වන බව බ්‍රිතාන්‍ය ආහාර තත්ත්ව පාලන ආයතනයේ ප්‍රධාන විද්‍යා උපදේශක මහාචාර්ය ගයි පොපි පෙන්වා දෙයි.

පමණට වඩා කර කරන ලද එවැනි ආහාර දීර්ඝ කාලයක් ආහාරයට ගැනීමෙන් පිළිකා හට ගැනීමේ අවදානම ඉහළ යා හැකි බව පූර්ණ වශයෙන් සතුන් යොදා ගනිමින් සිදු කළ අධ්‍යන මගින් දැක ගැනීමට හැකි වූ බව කී මහාචාර්ය ගයි පොපි, "ඒ නිසා මිනිස්සුන්ටත් එවැනිම බලපෑමක් සිදු නොවේවි කියල හිතන්න හේතුවක් නැහැ," යනුවෙන් සඳහන් කළේය.

අර්තාපල් ශීතකරණයේ ගබඩා කිරීමෙන් වළකින ලෙසත් බ්‍රිතාන්‍ය ආහාර තත්ත්ව පාලන ආයතනය නිර්දේශ කරයි.

එවැනි ආහාර ද්‍රව්‍ය අඩු උෂ්ණත්වයක් සහිත පරිසරයක් තුළ ගබඩාකිරීමෙන් සීනි මට්ටම ඉහළ යන අතර එවැනි ආහාර පිසීමේදී ඇක්‍රිලමයිඩ් රසායන ප්‍රමාණය ඉහළ යෑමේ ඉඩක් පවතින බවත් බ්‍රිතාන්‍ය ආහාර තත්ත්ව පාලන ආයතනය පෙන්වා දෙයි.

සිගරට්‌ දුමෙහිද මෙම "ඇක්‍රිලමයිඩ්" නමැති රසායන ද්‍රව්‍ය විශාල වශයෙන් අන්තර්ගතව පවතී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment