හදිසි වෙනසක් නිසා ජනපති හෙලිකොප්ටර ගමන ගුවනේදී ආපසු හැරවේ






හදිසි වෙනසක් නිසා 
ජනපති හෙලිකොප්ටර ගමන
ගුවනේදී ආපසු හැරවේ

අද දින ( 25) උදෑසන 10 ට මුලතිව් පැවැත්වීමට නියමිතව තිබු මුල්යාවෙලි විද්‍යානන්ද විදුහලේ විද්‍යාගාර ගොඩනැගිල්ල විවෘත කිරීම හා යුද්ධය හේතුකොටගෙන අවතැන් වී සිට ජනතවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වීමට සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හදිසියේ
ගුවනින්ම ආපසු හැරී තම

කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ. මිට හේතුව ලෙස ජනාධිපති කාර්යාලයෙන් පණිවුඩයක් නිකුත්කරමින් පවසා සිටියේ අහයහපත් කාලගුණය හේතුවෙන් බවයි.

 උදෑසන 8.30 ට පමණ ජනාධිපතිතුමා කොළඹින් කුරුණෑගල හරහා මුලතිව් බලා පිටත් වුනද, මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් අහස අපැහැදිලි නිසා කුරුණෑගිල්න හරවා ඇත.
පසුව නැවත ඇඹිලිපිටිය හරහා මුලතිව් බලා පිටත් වීමට සැරසුනද එම ප්‍රදේශයේද අධික වැසි සහිත කාලගුණයක් තිබුණු බැවින් ගමන් කිරීමට නොහැකි බව ගුවන් නියමුවන් පවසා සිටි නිසා හරවා නැවත කොළඹට පැමිණි ඇත.

මේ දිනවල ජනපතිවරයා සම්බන්ධ අන්තරායන් ඇති බවට ඇතැම් ජ්‍යොතිෂ්‍ය අනාවැකිද ප්‍රචාරයවී තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment