අගමැතිගේ ස්විස් ගමනින් ලංකාවට වාසි රැසක්

අගමැතිගේ ස්විස් ගමනින් ලංකාවට වාසි රැසක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්විට්සර්ලන්ත සංචාරයෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක් හිමි වී තිබේ.‍ අන්තර්ජාල මඟින් භාණ්ඩ හා සේවා ලබා ගැනීමට සහාය දක්වන ලෝක ප්‍රකට චීන අලිබාබා සමාගම සහ සුප්‍රක්‍රට‍ ඖෂධ සමාගමක් වන නොවාරටීස් සමාගම මෙරට ආයෝජන සිදු කිරීමට කැමැත්ත පළ කර ඇත.

මෙමඟින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලැබේ. මයික්‍රොසොෆ්ට් සමාගම ශ්‍රි ලංකාවේ පරිගණක සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ ඩිජිටල්කරණය වේගවත් කරලීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සහාය පළ කළේය. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා බැංකුව ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර වර්ගීකරණය ඉහළ නැංවීමට තීරණය කළ බව එහි සභාපති තදහෂි මයෙදා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කළේය.

නෝර්වේ රාජ්‍ය, වියට්නාමය, පාකිස්තාන යන රටවල් සමග ද්විපාර්ශ්වික වෙළඳ, ආර්ථික සහ සමාජයීය සබඳතා පුළුල්ව වර්ධනය කර ගැනිමටත් ඩවෝස් නුවරදි අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා එම රටවල අග්‍රාමාත්‍යවරුන් සමඟ එකඟතාවකට එළැඹිණි.

නවසීලන්ත වෙ‍ෙළඳ අමාත්‍ය ටොඩ් මැක්ලේ මහතා සමඟ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා කළ සාකච්ජාවලින් දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළැඹීමට සාකච්ජා විය. ශ්‍රී ලංකාවේ මානය හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප්‍රසාදය ද ඩවෝස් නුවරදි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිමි විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment