භික්ෂූන් දේශපාලනයෙන් ඉවත්විය යුතුයි

භික්ෂූන් දේශපාලනයෙන් ඉවත්විය යුතුයි

උත්තරීතර සංඝයා වහන්සේලා පාර්ලිමේන්තුවට නොපැමිණීම ඉතා වැදගත් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඉදිරියෙන් සිටිය යුතු ගෞරවණීය මහ සඟරුවන දේශපාලනයට පැමිණීමෙන් මන්ත්‍රීවරයෙකු බවට පමණක් පත්වන බැවින් එවන් භික‍ෂුවක් දේශපාලඥයින්ට ඉදිරියෙන් සිටින්නේ කෙසේදැයි  ඔහු විමසා සිටී.

එමෙන්ම එය සමාජයේ ප්‍රගමනයට හානියක් බවද අමාත්‍යවරයා පවසයි. 

මෙම අයහපත් තත්ත්වයට ඉඩ නොතැබීමට සංඝයා වහන්සේලා අතර කථීකාවක් ඇති විය යුතු බවත් එය කාලීන අවශ්‍යතාවත් බවට පත්ව තිබෙන බවත් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කර සිටී.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආණමඩුව එක්සත් ජාතික පක‍ෂ කාර්යාලයේ පසුගියදා පැවැති උත්සවයකදීය. 

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ තීරණය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා කියා සිටියේ උන්වහන්සේ ස්වාධීන වීමට ගත් තීරණයට වඩා පාර්ලිමේන්තුවෙන්ම ඉවත්වීමට කටයුතු කළේ නම් සුව්ශේෂී සමාජ මෙහෙවරකට මග පෑදෙන බවයි.

ඒ පිළිබඳ  වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

"ජාතික හෙළ උරුමය, සිහළ උරුමය වැනි පක‍ෂවලින් භික‍ෂූන් වහන්සේ 08 නමක් මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. උන් වහන්සේලා මහත් ගෞරවයට පාත්‍ර වී සිටි භික‍ෂූන් වහන්සේලා වුවද පාර්ලිමේන්තුවෙන් නික්ම යන විට එම ගෞරවය කෙලෙසුනා. අලි සොරකම්වලට පවා සම්බන්ධ බවට ඇතැම් භික‍ෂූන්වහන්සේලාට චෝදනා එල්ල වුණා. 

භික‍ෂූන්ගේ පැමිණීමෙන් පාර්ලිමේන්තුවට ඇති වූ සුගතියකුත් නෑ, රටේ ඇති වූ වෙනසකුත් නෑ, උන්වහන්සේලාට අත් වූ සෙතකුත් නෑ. එබැවින් පාර්ලිමේන්තුවෙන් ඉවත් වී ශාසනික හා සමාජ මෙහෙවරකට භික‍ෂූන්වහන්සේ යෝමු කිරීම වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි තමත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වෙන යෝජනා කර සිටිනවා" .

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment