කඩාකප්පල් කිරීමේ සැලැස්මක්? අගමැති පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

කඩාකප්පල් කිරීමේ සැලැස්මක්? අගමැති පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

හම්බන්තොටදී පසුගිය 07 වනදා පැවැත්වූ ආයෝජන කලාපයට මුල්ගල තැබීමේ උත්සවයට බාධා එල්ල කිරීමේ සිද්ධිය පිටුපස රජයේ ආර්ථික ප්‍රවර්ධන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ සැලැස්මක්
ක්‍රියාත්මක වූයේ දැයි සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

රටේත්, ජනතාවගේත් සුබසිද්ධිය සලකා ජනතාවාදී රජයක් ලෙස සත්භාවයෙන් ගන්නා තීන්දු තීරණ, කඩාකප්පල් කිරීම ජනතා විරෝධී ක්‍රියාවක් බවත් සාමකාමී සත්‍යග්‍රහයකට එහා ගිය බරපතළ මැර ක්‍රියා සැලැසුම් කළ පුද්ගලයන් වේ නම් ඔවුන් පිළිබඳ සොයා බලා වාර්තා කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

විශේෂයෙන්ම අධිකරණ නියෝග අභිභවා යමින් මේ කටයුතු සැලැසුම් කළ පුද්ගලයන් හෝ පාර්ශ්ව ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙසද අගමැතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

මිරිජ්ජවිල සිද්ධිය සැලැසුම් සහගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද යන්න හා ඊට විදෙස් රටක මැදිහත්වීමක් ඇත්දැයිද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතුව ඇතැයි වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පසුගිය 13 වැනිදා ප්‍රකාශ කර තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment