නැගෙනහිර සරසවියේ කොටසකට නිවාඩු

නැගෙනහිර සරසවියේ කොටසකට නිවාඩු

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පළමු සහ අවසාන සිසුන් හැර දෙවන හා තෙවැනි වසරේ සිසුන් සඳහා තාවකාලිකව විශ්වවිද්‍යාලය වසා තබන බව එහි උපකුලපති ඒ.ඊ. කරුණාකරන් මහතා පවසයි.

මේ පිළිබඳව ඊයේ (18) සිසුන්ට දැනුම්දුන් බවද උපකුලපතිවරයා පැවසීය.

සිසුන්ගේ නවාතැන් පහසුකම් පිළිබඳ ගැටලුවක් හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධව පසුව දැනුම්දෙන බවත් උපකුලපතිවරයා සඳහන් කළේය.

මේ අතර, නවාතැන් පහසුකම් ඉල්ලමින් පළමු හා අවසන් වසර සිසුන් පසුගිය සඳුදා (16) සිට විශ්විද්‍යාලයේ පදනම් ගොඩනැගිල්ලේ රැඳී සිටිති.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment