ශෂී වෙල්ගම යළි රිමාන්ඩ්

ශෂී වෙල්ගම යළි රිමාන්ඩ්

ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ වලට දුණුකොළ සැපයීමේදී රජයට රුපියල් කෝටි 12ක පාඩුවක් සිදුකරන ලදැයි කියන සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කොට සිටින ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු සභාපති ඇතුළු දෙදෙනෙකු ලබන පෙබරවාරී මස 02 වැනිදා තෙක් යළි රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා නියම කළේය.

ලංගම හිටපු සභාපති ශෂී වෙල්ගම මහතාට අමතරව මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ වලට දුණුකොළ සැපයු බව කියන නන්දන මොටර්ස් හිමිකරු වන නන්දන ප‍්‍රියන්ත පෙරේරා නමැත්තාය.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment