හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හිමි පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන 22 වනදා පෙරවරුවේ 8.00 ට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රීලනිප පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් විසින් කළ ඉල්ලීමක් පරිදි මෙම සාකච්ඡාව පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ප්‍රකාශ කර ඇත්තේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් වන තීරණාත්මක කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡාවට ගනු ලබනු ඇති බවයි.
0 comments :
Post a Comment