බන්දුල පද්මකුමාර සමඟ 'සාරවිට' අප වෙබ් අඩවිය ඔස්සේ

බන්දුල පද්මකුමාර සමඟ 'සාරවිට' අප වෙබ් අඩවිය ඔස්සේ

ඒෂියන් මිරර් අප 'සාරවිට' නමින් මේ සතියේ සිට නවමු වැඩසටහනක් ඉදිරිපත් කිරීමට සූදානම්.

ඒ අනුව පසුගිය සතියේ ජාතික පුවත්පත්වල පළ වූ හොඳම කාටූන් තෝරාගෙන ඔබට ඉදිරිපත් කිරීමට නියමිත අතර එම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා විසිනි.

මුල් පිටුව නමින් විකාශය වූ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනේ නිර්මාතෘ වූ බන්දුල පද්මකුමාර මහතා ඇරඹූ පුවත්පත් සිරස්‌තල කියැවීමේ සම්ප්‍රදාය ජනතාවට නවමු අත්දැකීමක් විය.

රටේ පොදුජන මතය දැනගැනීමට නම් පත්තරවල ප්‍රවෘත්ති සිරස්තල පමණක් නොව කාටූන් කියවීමටද අවශ්‍යයි යැයි බන්දුල පද්මකුමාර මහතාගේ මතයයි. අද සිට සෑම සතියකම අප වෙබ් අඩවිය ඔස්සේ සාරවිට වැඩසටහන ගෙන ඒමට සූදානම්.

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment