ජාතික රූපවාහිනිය 'සූර්ය බලයෙන්' වැඩ අරඹන්න යයි

ජාතික රූපවාහිනිය 'සූර්ය බලයෙන්' වැඩ අරඹන්න යයි

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කර එමඟින් සිය විකාශය පවත්වාගෙන යාමේ නව ව්‍යාපෘතියක් හෙට (08) ඇරැඹීමට නියමිතය.

ජනපති පදවි ප්‍රාප්තිය යෙදෙන හෙට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සමඟ මේ සඳහා වන ගිවිසුම් අස්සන් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේදී අනාවරණය කර තිබිණි.

රූපවාහිනි සංස්ථාවේ විදුලි බිල මාසයකට රුපියල් මිලියන 10ක් වන බැවින් මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ගැන අමාත්‍යාංශයේ හා සංස්ථාවේ අවධානය යොමු විය. 

එම ව්‍යාපෘතිය ආරම්භවීමත් සමඟ රූපවාහිනි සංස්ථාව ආසියාවේ ප්‍රථම හරිත මාධ්‍ය ආයතනය බවට පත්වන්නේ යැයිද ඇමැතිවරයා පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment