හදුන්නෙත්ති කරූගේ හොඳ කියයි

හදුන්නෙත්ති කරූගේ හොඳ කියයි

1998 දී කොළඹ නාගරික මන්ත්‍රීවරයකු ලෙස තමා මුලින්ම මුදල් කාරක සභාවක අත්දැකීම් ලැබුවේ වත්මන් කථානායක කරු ජයසූරිය මහතා කොළඹ පුරපතිවරයා ලෙස ලබාදුන් ඉඩ ප්‍රස්ථාව අනුව බව පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

එදා පක්ෂ භේද පැත්තක තබා අප සතු දැනුම ප්‍රායෝගිකව ජනතා මුදල් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය සදහා යොදා ගැනීමට එතුමා යොමු කළ බව හෙතෙම පෙන්වා දුන්නේය.

ඔහු මේ බව පැවසූයේ ඊයේ (06) කොළඹ නව නගර ශාලාවේ පැවැති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ වාර්ෂික සමුළුවට සහභාගී වෙමිනි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස කථානායක කරු ජයසූරිය මහතා සහභාගී විය.

එහිදී හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මෙසේද පැවසී ය. 

“වර්තමානයේ පාර්ලිමේන්තුවේදීත් එතුමා සමග එක්ව ජනතා මුදල් ආරක්ෂා කරන ක්‍රියාවලියට දායක වීමට ලැබීම ගැන සතුටු වෙනවා.  පසුගිය කාලයේ රටේ මහජනතාවගේ අවධානය කවරදාටත් වඩා මූල්‍ය පාලනය පිළිබදව යොමු වුනා. ජනතාව වඩාත්ම නිලධාරියෙක් ගැන කතාබහ කළේ නම් ඒ විගණකාධිපතිවරයායි.“ 

“එය ජනතාවගේ අවධානයට කතාබහට ලක්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ සුභ ලකුණක්. රාජ්‍ය මූල්‍ය පාලනයේදී අපේ කමිටු දෙකේ කොදු නාරටිය විගණකාධිපති ඇතුළු එම විගණන නිලධාරීනුයි. මුළු රාජ්‍ය සේවයම ආවරණය කරන්නේ මෙම පිරිසයි. සමහර රාජ්‍ය සේවාවන්වල අල්ලස, අනිවාර්යය ලක්ෂණයක් බවට පත්ව තිබෙනවා. ඔබේත් අපේත් අවංක අරමුණු සාර්ථක වීමට නම් විගණන පනත ගෙන ආ යුතුමයි. එය මේ වසර නිම වීමට පෙර ගෙන ඒමට නොහැකි නම් මේ කිසිම දෙයක් ඵලදායක නොවන බව “ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment