රුහුණු සංවර්ධන කලාපය ඇරඹේ - කඩාකප්පල්කාරීන්ගෙන් බාධා.


ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ ක්‍රියාත්මකවන සුවිශාල  සංවර්ධන ව්‍යාපෘතිය වන ශ්‍රී ලංකා- චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය අද (07)  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේ ය.

රුහුණු කලාපය ආරම්භ වීම හම්බන්තොට,මිරිජ්ජවිල, ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටා තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සමරු ඵලකය විවෘත කිරීම සිදුවිය.

මේ අවස්ථාවට  මහා සංඝරත්නය, ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ඉෂියැංලියැන් මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක්, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් ,අතිවිශාල මහජනතාවක් සහභාගී වී සිටින අතර කඩාකප්පල්කාරී පිරිස් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ද ඇතිවිය.

කෙසේ නමුත් කඩාකප්පල්කාරී පිරිස්වල බාධා කිරීම් මධ්‍යයේ වුව ද උත්සවය සාර්ථකව පැවැත්වීමට හැකි වූ බව එහි සිටින අප වාර්තා කරුවන් පවසයි.

මේ අතර උත්සවයේදී විශේෂ ඉලීමක් කරමින් විජිතමුණි සොයිසා මැතිතුමා පැවසුවේ "හම්බන්තොටට එපානම් මේ සංවර්ධන කලාපය අපිට මොනරාගලට ලබා දෙන ලෙසයි.

එසේම අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා උත්සවයේදී අදහස් දක්වමින් පැවසුවේ  "හම්බන්තොට මෙවැනි සංවර්ධනයක් ඇතිවන්නේ එදා හෙළ රජදවසින් පසුව අද දිනයේදීයි. අපි බස්නාහිර පළාතට සහ කොළඹ වරයට පමණයි දෙවැනි වන්නේ. අපි එකටත් රන් එකක් දෙන්න බලපොඉරොත්තු වෙනවා. අපි මේ කරන්න යන්නෙත් එක්තරා කැරැල්ලක්. අපි මේ කැරැල්ල ජයග්‍රහණය කරනවා කියන්න අපි කැමති" බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment