මහින්දට කෙලින් කතා කළ නිසා ඇමති පට්ටම ගැලවුණා

මහින්දට කෙලින් කතා කළ නිසා ඇමති පට්ටම ගැලවුණා

ජී.එස්.පී ප්ලස් වෙනුවෙන් මෙම සම්මුති වලට එකඟවීම් මෙම ආණ්ඩුවේ පමණක් නොව පසුගිය ආණ්ඩුවලින් සිදුවූ බවත් මේ ආණ්ඩුවට සිදුව ඇත්තේ එම එකඟතා ක්‍රියාත්මක කිරීම පමණක් බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය.

ජී.එස්.පී ප්ලස් වෙනුවෙන් මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මට සංශෝධන සහිතව කැබිනට් අනුමැතිය හිමිවූ බැවින් විදේශ කටයුතු අමාත්‍යංශයට විසින් එය ජාත්‍යන්තරයට ගෙන යා යුතු බවත් පැවසූ අමාත්‍යවරයා මේ සඳහා කරුණු 27ක් සමග සම්මුතියට එකඟවී බාරගත් අයුරින්ම ඒවා ක්‍රියාත්මක කළ යුතුව ඇති බවද කියා සිටියේය. 

කෙසේ වෙතත් සම්මුතින් ක්‍රියාත්මක කරනු ලබන්නේ රටේ අයිතිවාසිකම් ප්‍රවර්ධනයට මිස ජාත්‍යන්තරයට අවශ්‍ය දේ ඉටුකිරීමට නොවන බවත් ජී.එස්.පී ප්ලස් ලැබෙන්නේද සදාකාලයටම නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

එසේ වුවද මෙම කරුණු 27න් 27ම කිසිම රටක් ක්‍රියාත්මක කර නැති බවත් මෙලෙස ඉදිරිපත් කර ඇති කරුණු අතර ෆෙඩරල් විසඳුමක් ගැන යෝජනාවක් අන්තර්ගත නොවන බවත්, ෆෙඩරල් යෝජනාවකට ශ්‍රීලනිපය කිසිදු එකඟතාවක් නොදක්වන බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය රජය සමයේද මෙම සම්මුති පැවතුණු බවත් මේවා ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳ තමන් සෘජුවම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කරුණු දැක්වූ බවත් තමාගේ විදේශ අමාත්‍ය පට්ටම ගැලවුණු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇහුන්කන් නොදීම රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජයට පත්වීමට හේතුවක් වූ බවත්, ආණ්ඩුව පෙරළීමට බලපෑවේ විදේශ බලපෑම් බවත් සමරසිංහ මහතා සිහිපත් කළේය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment