අගමැතිගෙන් විවෘත ආරාධනයක්

අගමැතිගෙන් විවෘත ආරාධනයක්

ලෝකයේ විශාලතම වෙළඳපොලවල් හතරකට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන විවර කරලීම සඳහා අවස්ථාව ළඟදීම උදාවන බැවින්, ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජාත්‍යන්තර හා දේශීය ආයෝජකයන්ට ආරාධනා කරන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එමෙන්ම මේ ආයෝජන සහ නව වෙළඳපොල අවස්ථාවන් පිළිබඳව අධ්‍යයනය කිරීම උදෙසා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට පැමිණ සිටින තුන්සියයකට අධික ව්‍යවසායකයින්ට වික්‍රමසිංහ මහතා දන්වා සිටියේය.

මේ අතර ඉදිරි මාස කීපය තුළ ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කිරීමට නියමිත බව ඊයේ (17 ) පස්වරුවේ ලෝක ආර්ථික සමුළු පරිශ්‍රයේ පිහිටි මාධ්‍ය ගම්මානයේ පැවති විශේෂ පුවත් සාකච්ඡාවක් අමතමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ය.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment