ඕමන්තේ කඳවුර ඉවත් කිරීමක් සිදු කොට නොමැති බවත් කඳවුරු පවතිද්දි අක්කර 18ක ඉඩම් ප්‍රමාණයක් වව්නියාව දිසාපතිවරයා වෙත පවරා දී ඇති බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (18) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
සිවිල් පුද්ගලයන්ගේ ඉඩම් සම්බන්ධයෙන් යම් ගැටලු සහගත තත්ත්වයක් මෙම ස්ථානයේ පැවැති බවත් ඒ සඳහා විසඳුම් ලබාදීමේ කටයුතු යුද හමුදාවට සිදු කළ නොහැකි බැවින් අදාළ පුද්ගලයන් වෙත එම ඉඩම් ලබාදීම වෙනුවෙන් එම ඉඩම් වව්නියාව දිසාපතිවරයා වෙත පවරා දී තිබේ.
0 comments :
Post a Comment