පොලිස් කොමිසමේ ලොකු පුටුව මනතුංගට

පොලිස් කොමිසමේ ලොකු පුටුව මනතුංගට

ජාතික පොලිස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස පී.එච් මනතුංග මහතා පත් කර තිබේ. මනතුංග මහතා ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

පී.එච්. මනතුංග මහතා ජාතික පොලිස් කොමිසමේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වේ. හිටපු සභාපති සිරි හෙට්ටිගේ මහතා පසුගිය දා සභාපති ධුරයෙන් ඉල්ලා අස් වීම නිසා එම තනතුර පුරප්පාඩු විය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment