නව ව්‍යවස්‌ථාව ගැන පාර්ලිමේන්තු විවාදය අත්හිටුවයි?

නව ව්‍යවස්‌ථාව ගැන පාර්ලිමේන්තු විවාදය අත්හිටුවයි?

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් ලබන 09, 10 සහ 11 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

මෙම විවාදය සඳහා අදාළ දින තුන නියම කර තිබූ අතර ඒ නිසාම මෙම සතියට නියමිතව තිබූ පාර්ලිමේන්තු රැස්‌වීමද අවලංගු කර තිබිණි. 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා රැස්‌වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩල මෙහෙයුම් කමිටුව විසින් විවාදය කල් දැමීමට තීරණය කර ඇත. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ විවාදය කල් තබන බව ලබන 09 වන දා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්‌වීමෙන් පසු කථානායක කරු ජයසූරිය මහතා විසින් සභාවට දැනුම් දීමට නියමිතය.

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීම සඳහා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුක්‌තව මෙහෙයුම් කමිටුවක්‌ ස්‌ථාපිත කර ඇත. එම මෙහෙයුම් කමිටුව විසින් අනුකමිටු හයක්‌ පිහිටුවන ලදී.

මූලික අයිතිවාසිකම්, අධිකරණ, මූල්‍ය, නීතිය හා සාමය, රාජ්‍ය සේවා, මධ්‍ය කලාපීය සබඳතා යන අනුකමිටු මෙසේ පිහිටුවනු ලැබූ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් මෙම එක්‌ එක්‌ අනුකමිටුවල සාමාජිකයන් ලෙස පත් කර ඇත.

එකී අනුකමිටු වාර්තා හය පසුගියදා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී, නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සැකසීමට අදාළ යෝජනා ඇතුළත් මෙම වාර්තා හය විවාද කිරීම සඳහා 9, 10 සහ 11 යන දින තුන වෙන් කරනු ලැබීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment