හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!


පේදුරුතුඩුව වෙරළ තීරයේ වැලි නිධි අනවසරයෙන් විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ අරඹා තිබේ. පසුගිය රජයේ ඇමැතිවරයකුව සිටි ප්‍රබල දේශපාලනඥයකු විසින් මේ ජාවාරම මෙහෙයවා ඇති අතර, එමඟින් අයථා ලෙස උපයාගෙන ඇති මුදල රුපියල් මිලියන 1000කට අධික බව වාර්තා වී තිබේ. පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පූබාලසිංහම් සජීවන් මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මත මේ සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇත.

වැලි ලබාගැනීම හා අලෙවිය සඳහා භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයෙන් අවසර ගත යුතු අතර, ඊට අමතරව වෙරළ සම්බන්ධ අවස්ථාවලදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද අවසර ගත යුතු වේ. එසේම අදාළ ප්‍රාදේශීය සභාවෙන් වැලි ප්‍රවාහනය සඳහා අවසර පත්‍රයක්ද ගත යුතුය.

භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයට වැලි කියුබ් එකක් සඳහා රුපියල් 286.20ක මුදලක් ගෙවිය යුතු අතර, පේදුරුතුඩුව වෙරළේ වැලි ප්‍රවාහනය සඳහාද රුපියල් 286.20ක් ගෙවා ප්‍රවාහන බලපත්‍රයක් ලබාගත යුතුව තිබිණි.

එහෙත් 2007 වසරේ සිට 2016 වසරේ ආරම්භය දක්වාම සිදුව ඇත්තේ අදාළ දේශපාලනඥයාට අයත් උතුරු පළාතේ ස්ථාපිත 'මහේශ්වරී' නම් පදනමට රුපියල් 1000ක් ගෙවා රිසිට්පතක් රැගෙන ගොස් වලිකාමම් බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් අදාළ අනුමැතිය ලබා දී ඇතැයිද වාර්තා වේ. ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ද මේ සඳහා වගකිව යුත්තන් බවට පත්ව තිබේ. එසේම වැලි විකිණීම හා ප්‍රවාහනය සඳහා අදාළ ප්‍රාදේශීය සභාවේ අවසර ලබාගෙන නැති අතර, මේ මහා පරිමාණ ජාවාරමෙන් සිදු වූ අතිවිශාල පරිසර හානිය මෙතෙක් ගණනය කර නැත. එසේම මේ මුදල් වංචාවේදී රිසිට්පත්ද නිකුත් කර ඇති හෙයින් මේ වංචාකරුවන් සියලු දෙනාටම එරෙහිව පහසුවෙන් නීතිය ක්‍රියාත්මක කළ හැකිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment