පොලිස්පති අමුතු ඉල්ලීමක් කරයි.


කිසියම් කාරණාවක් සම්බන්ධයෙන් වාහනයක් නතර කරන්නේ නම් එම ක්‍රියාවෙන් අනතුරුව “පරිස්සමෙන් ගිහින් එන්න” යන්න භාවිත කරන ලෙස සියලුම පොලිස් නිලධාරීන්ට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් දී ඇත. බොහොමයක් නිලධාරීන් මහජනයා සමඟ කතාබස් කිරීමේදී ඇතිකරගන්නා ගැටලු තත්ත්වයන් හේතුකොටගෙන පොලිස්පතිවරයා මෙලෙස සිය නිලධාරීන්ට උපදෙස් දී ඇත.

නීතිය ක්‍රියාත්මක කිරිමේදී මානුෂිකත්වයෙන් යුතුව පැහැදිලි වචන භාවිත කරන මහජනයාට ගෞරවනීයව ආමන්ත්‍රණය කිරීම සෑම නිලධාරියකුම කළ යුතු බව ද පොලිස්පතිවරයා අවධාරණය කර ඇත. කාරුණිකව හා මානුෂිකත්වයෙන් යුතුව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසත් පෞද්ගලික හිතවත්කම්වලට අවනත නොවී කිසිදු බලපෑමකට යටහත් නොවී කටයුතු කරන ලෙසත් හෙතෙම සියලු පොලිස් නිලධාරින්ට දන්වා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment