විමල් යළි රිමාන්ඩ් - ඇප ඉල්ලීම ඉවතට 

විමල් යළි රිමාන්ඩ් - ඇප ඉල්ලීම ඉවතට 

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන මස 7 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(24) නියෝග කළේය.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඒ මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

විමල් වීරවංශ මහතාගේ දියණියගේ මානසික තත්ත්වය සලකා බලා ඇප නියම කරන ලෙස එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නමුත් එම වෛද්‍ය වාර්තාවේ අඩුපාඩු හේතුවෙන් එය සලකා බැලිය නොහැකි බව අධිකරණය දන්වා තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඒ මහතා පසුගිය 10 දා අත්අඩංගුවට ගනු ලැබීය.

රජයට අයත් වාහන අයථා පරිහරණය තුළින් රුපියල් නව කෝටි දහසය ලක්ෂ තිස් පන්දහසකට වැඩි මුදලක් රජයට පාඩු කළ බවට මොවුන් දෙදෙනාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මෙම නඩුව පවරා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment