රිෂාඩ් විල්පත්තුව ගැන කතා කරයි






විල්පත්තු අභය භූමිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉකුත් දා ගත් තීන්දුව යුද්ධයෙන් විපතට පත් ජනතාව එහි යළි පදිංචි කිරීමට කිසිදු බාධාවක් වී නොමැති බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා බලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ විල්පත්තු අභයභූමිය පුළුල් කර වනජීවි ප්‍රදේශයක් ලෙස නැවති අලූතින් ගැසට් කරන ලෙසයි.

ජනාධිපතිවරයාගේ මෙම තීන්දුව සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්  පැවසුවේ තමන් කිසිවෙකු විල්පත්තු වනෝද්‍යානයේ පදිංචි කර හෝ ඉදිරියේදී පදිංචි කරවීමට අදහසක් නොමැති බවයි. යුධ සමයේ එම ප්‍රදේශ වල ජීවත් වූ ජනතාව මෙලෙස පදිංචි කරද්දි ඇතැමුන් බොරු ප්‍රචාර සිදු කරන බවද ඔහු පැවසුවා.

විල්පත්තු අභය භූමිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවද තමන් රජය අතහැර නොයන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment