චීනයේ සිට එංගලන්තය දක්වා දින 18 ක් ගමනේ යන දුම්රිය සේවාවක්

චීනයේ සිට එංගලන්තය දක්වා යුරෝපය හරහා සැතපුම් 7.456 ආවරණය කරන භාණ්ඩ ප‍්‍රවාහන දුම්රිය සේවාවක් පසුගියදා ආරම්භ කර තිබේ. එම දුම්රිය සේවාව නැගෙනහිර චීනයේ ෂේජියෑං වෙළෙඳ නගරයේ, යිවූ සිට එංගලන්තයේ ලන්ඩන් නගරය දක්වා ගමන්

කිරීමට නියමිතය. සම්පූර්ණ ගමන සඳහා  දින 18ක් පමණ
ගතවන බවත් චීනයේ සිට කසකස්ථානය, රුසියාව, බෙලරූස්, පෝලන්තය, ජර්මනිය, බෙල්ජියම හා ප‍්‍රංශය හරහා මෙම දුම්රිය ලන්ඩන් නගරයට ළඟා වනු ඇති බවත් පවසා ඇත.

වටිනා භාණ්ඩ, මේස්, ඇඳුම්, බෑග් සහ සූට් කේස් ඇතුළු බඩු දුම්රිය ජනවාරි 1 වැනි දින පිටත්වීම ඇරඹූ බව ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි. ජනාධිපති ෂී ජින්පින්ග් ගේ "එක් තීරය, එක පාර" පරණ සේද මාවත වෙළෙඳ මාර්ග යුරෝපය හා අප්‍රිකාව හා ආසියාව සම්බන්ධ කිරීමේ නව මූලෝපායේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක කළ බව පැවසේ.

චීන දුම්රිය සංස්ථාව දන්වා ඇත්තේ එම සේවාව මගින් චීන-බ්‍රිතාන්‍ය වෙළෙඳ සබඳතා වැඩි දියුණු කිරීම හා බටහිර යුරෝපය සමග චීනයේ ශක්තිය වැඩවීමට මෙය ඇරඹූ බවයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment