කුඩු විකිණු කතක් ඇල්ලූ පසු සොයා බලද්දී වෙලේ සුදාගෙ අම්මලු


කොළඹ නාගරික සුරාබදු ස්ථානය මගින් ඊයේ (5)වැල්ලවත්ත ප්‍රදේශයේ දියත් කළ වැටළීම් කිහිපයකදී
රාජගුරු ශ්‍රී සුභූති මාවතේ
මත්ද්‍රව්‍ය වැටලීමකින් කාන්තාවක් සහ ඇගේ නෑදෑ හිතවතෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙදෙනා සතුවම හෙරොයින් ග්‍රෑම් 10 බැගින් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ. තිබී ඇත.

සුරාබදු පරීක්ෂක එච්.එම්.හේරත්ගේ විමර්ශනවලට අනුව මෙම කාන්තාවගෙන් වැඩිදුර තොරතුරු අසා යාමේදී රජගල්ගොඩගේ මාලතී නම් වන ඇය දැවට බන්ධනාගාරයේ සිටින සුප්‍රකට මත්කුඩු වයාපාරික වෙලේසුදාගේ මව ඇය බව කියා ඇත.

බස්නාහිර පළාත් සහකාර සුරාබදු කොමසාරිස් බී.දයාරත්නගේ අනුදැනුම මත කොළඹ නගර සුරාබදු අධිකාරී ප්‍රභාත් ජයවික්‍රමගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපති ලක්ෂ්මන් පෙරේරාගේ මුලිකත්වයෙන් මෙම මෙහෙයුම සිදු කර තිබුණි.
මින් ඉහත වෙලේ සුදාගේ බිරිය,සොයුරිය සොයුරන් හා ඥාතීන්ද මත්කුඩු අලෙවිය නිසා පොලිසියට කොටුවී ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment